ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 25 වන සඳුදා
ගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එබැවින් විකල්ප දේශපාලන ක්‍රමයකට මාරු කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලි දෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්වන ලෙස බලකරමින් අද (12දා) කොළඹදී පැවැත්වූ ජන රැලියට සහභාගි හෙතෙම මේ බව පවසා සිටියේය.
ජනතාවට ජයග්‍රහණ ලබා දීමට ජනතාවට හැකියාව තිබෙන බවත්, එබැවින් ඉදිරි මාස 06ක කාලය ඉතාමත් තීරණාත්මක බවත් හෙතෙම පවසා සිටියේය.
එම කාලය තුළ හොඳින් මහන්සි වී, ඉලක්කයකට වැඩකර, හොඳින් දේශපාලනය කළ යුතු බවද පක්ෂනායකවරයා සඳහන් කළේය.
මෙරට පාලකයන්ට මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්, එවැනි පිරිසකට තවදුරටත් රට පාලනය කිරීමට අයිතියක් නොමැති බවත් පක්ෂනායකවරයා පවසා සිටියේය.
එබැවින් මහජනයාගේ ආරක්ෂාව ලබාදිය හැකි, ජාතික සමගිය ඇති කළ හැකි නව ව්‍යාපාරයකට බලය හුවමාරු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපරාධකරුවන් හෙළිදරව් කිරීමේ වුවමනාම ජනතා විමුක්ති පෙරමුණට තිබෙන බවත්, තේරීම් කාරක සභාව එය සිදු කරමින් තිබෙන බවත් දිසානායක මහතා පවසා සිටියේය.
එබැවින් රට විකල්ප දේශපාලන ක්‍රමයට මාරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.
මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දක්වා විරෝධතා පාගමනක්ද පැවැත්විණි.
ඉන්දික හේවාවිතාරණ/ ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
Kumar Wednesday, 12 June 2019 08:48 PM
ඔය කියනවා ඇත්තේ 1971 ගැනයි 1988 ගැනයි වෙන්න ඇති. JR ගෙ අනුපාත ක්‍රමය නැතිනම් ඔය ගොල්ලන්ට මන්ත්‍රණ සබහවේ එකම මන්ත්‍රී දුරයක්වත් නැතිවෙන්න ඉඩ තිබුන පෙලපාලි ගිහිල්ල රට දිවුණු කරන්න පුලුවන්ද? මතක ඇතිව JRට පින් දෙන්න.
Reply : 30 46
Kamal Tennakone Thursday, 13 June 2019 06:16 AM
එතකොට 1971 වර්ෂය?
Reply : 15 41
shan Thursday, 13 June 2019 10:12 AM
මේක කියන්න ඕනේ මේ විදිහට "වසර 71 සිට රටටම සාපයක් උන ජේ වී පී " කියල හා ... මෙන්න යකෝ ත්රස්තවාදීන්ගේ හුරතල් අම්මත් ඉන්නවා මෙතන දෙවෙනි ෆොටෝ එකේ
Reply : 0 1
shan Thursday, 13 June 2019 10:16 AM
දියවූ දියවූ අපට දියවූ ...../// දියවූ දියවූ අපට දියවූ ...../// ඔන්න එනවා පොලිසියෙන් පන බේරන් දුවාපියවූ .......//
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd