ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.
ඒ අනුව, MV X-PRESS PEARL නෞකාවෙහි ජලයේ ගිලී ඇති කොටසේ වූ ඉන්ධන ටැංකි මගින් සාගරයට ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්ෂා කර බැලීම මෙම විශේෂ කිමිදුම් මෙහෙයුමේදි සිදු කෙරිණි.
එහිදි, දැනට පවතින අයහපත් කාළගුණය හමුවේ මුහුදේ පැවති රළු ස්වභාවය හා අඩු දෘෂ්‍යතාවය මෙන්ම එම මුහුදු ප්‍රදේශයේ පවතින දියවැල් වල ප්‍රබලත්වය හමුවේ මහත් පරිශ්‍රමයකින් කිමිදුම් කණ්ඩායම මෙම මෙහෙයුමේ නිරත විය.
තවද, වැඩිදුරටත් නෞකාවේ ජලයේ ගිලී ඇති කොටස පරික්ෂාවට ලක් කර නෞකාවෙන් සාගරයට ඉන්ධන කාන්දුවක් සිදු වන්නේ දැයි පරීක්ෂා කිරීම සදහා හෙට දිනයේ ද මෙම කිමිදුම් මෙහෙයුම සිදු කිරීමට නාවික හමුදාව සැලසුම් කර ඇත.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඒ 9 මාර්ගයේ මාරක රිය අනතුරු දෙකක් මෙජර්වරයෙක් ඇතුළු 3ක් ජීවිතක්ෂයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd