ඇල්ල - පුංචි ශ්රීපාද රක්ෂිතය ආශ්රිතව ඊයේ (08දා) හටගත් ගින්න අද (09දා) උදෑසන තෙක් පැතිර ගොස් ඇති අතර ගින්නෙන් රක්ෂිතයේ අක්කර 150ක පමණ ප්රමාණයක් විනාශ වී ඇති බව ඇල්ල වනජීවී කාර්යාල නිලධාරීහු පවසති.
ගින්න පාලනය කිරීම සඳහා යුද හමුදාව කැඳවා තිබුණද ගින්න පැතිර ගිය ප්රදේශයට සමීප වීමට නොහැකි වීම සහ පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම උත්සාහය අසාර්ථක වී තිබේ.
මෙම ගින්න කිසියම් පුද්ගලයෙකු විසින් තැබූ ගින්නක් විය හැකි බව පොලීසිය හා වනජීවී සංරක්ෂණ කාර්යාලය සැක පළ කරන අතර සිද්ධිය පිළිබඳ ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







පාලිත ආරියවංශ - බදුල්ල