කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එක්සත් ජාතික පක්ෂය මගින් පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව ආණ්ඩුව අවසන් වීමේ කාරණයක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
ලංකාව තුළ පිහිටි සියලුම වරායන්වලට රැකවරණය ලැබී තිබෙනුයේ කොළඹ වරාය නිසා බවත්, ඉන් කොටසක් ජපානයට හා ඉන්දියාවට ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් අද (25දා) පැවැති විරෝධතා ව්‍යාපාරයේදී එම ව්‍යාපාරයේ කැඳවුම්කරු චන්ද්‍රසිරි මහ ගමගේ මහතා සඳහන් කළේය.
නැගෙනහිර පර්යන්තය රැක ගැනීමට වරාය සේවකයන් එකතුවී නව සන්ධානයක් ගොඩ නැගූ බවත්, එම සන්ධානයේ පළමු ක්‍රියාමාර්ගය ලෙස මෙම විරෝධතා ව්‍යාපාරය සිදුකළ අතර, ඉදිරියේදී වරාය රැකගැනීමට වැඩ වර්ජන ක්‍රියාවලියක්ද සංවිධානය කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා




