නව කොරෝනා වෛරසයෙන් ලෝක වාසී සියලු ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රය දේශනා කිරීම ඊයේ (8දා) රාත්‍රී ඓතිහාසික මිහින්තලා පුද බිමේ උඩ මළුවේ දී සිදු කෙරිණි.
මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, මහා සංඝරත්නය 250 නමක්, මිහින්තලේ පුද බිමේ සේල චෛත්‍යය වටා හිඳ, මෙම රතන සූත්‍ර දේශනාව සිදු කළහ.
මේ සඳහා මහා සංඝරත්නය, චීන දූත පිරිසක් හා මිහින්තලේ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටියහ
අනුරාධපුර චතුරංග


