ඉන්දීය රජය මගින් අලුතෙන් ඉදිකරන ලද, කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
මෙම ගුවන් තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වන අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය .
මෙම ගුවන් ගමන සදහා 111 දෙනෙකු පිටත්ව ගිය අතර එයින් 95 දෙනෙකු භික්ෂුන් වහන්සේලා වූහ.
මීට අමතරව අරාජ්ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියහ.
මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1147 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 05.20 ට කටුනායක ගුවන් තොටුපළෙන්, ඉන්දියාවේ කුෂි නගර් බලා පිටත්ව ගියහ.






