Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අද (19දා) කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.
කුරුණෑගල රාජධානියේ ඉපැරණි රාජසභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට සිදු කර ඇති හානිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ ප්රශ්නය නැඟූහ.
උතුරු සහ නැගෙනහිර පළාත් වල තිබෙන බෞද්ධ පුරා වස්තු අන්‍යාගමිකයන් විසින් ඉවක් බවක් නැතිව ඩෝසර් කොට විනාශ කරත්දී ඒ විනාශයම දකුණේ බෞද්ධ දේශපාලනඥයින් විසින් සිදු කිරීම දැඩි සංවේගයට කරුණක් බවද ඥානසාර හිමියන් පැවසූහ.
කුරුණෑගල රාජසභා මණ්ඩපයට සිදු කළ හානියට වගකිවයුත්තන් පුරාවිද්‍යා පනතට අනුව අනිවාර්යයෙන් දඬුවම් ලබා දිය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා තෙක් ජනතාව ජනාධිපතිවරයා දෙස බලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ අවස්ථාවට උලපනේ සුමංගල , වනවාසී රාහුල , කුරුණෑගල ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරී ගිරිහාගම මුණිරතන , නියෝජ්‍ය ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල හිමිවරුන්ද සහභාගි වූහ.
popular news
Gota Sunday, 19 July 2020 06:30 PM
Mokak hari kiuwada.. Gotta
Reply : 8 0
Champa Monday, 20 July 2020 12:43 AM
වහල් ආණ්ඩුවවත් මේ තරම් භය නැතුව පුරා විද්‍යා ස්ථාන විනාශ කලේ නැහැ. දැන් පුරා විද්‍යා වටිනාකම් ඇති ස්ථාන ආරක්ෂා කර ගන්න වෙලා තියෙන්නේ රට රකිනවා කියලා ආපු ජනාධිපතිවරගේ පාලනයෙන්. මේ ජනාධිපතිවම ඉල්ලල පොළොවේ හැපුණු හාමුදුරුවන්ගෙන් දැන් සැපද හාමුදුරුවනේ කියලා තමයි අහන්න ඕනේ.
Reply : 7 0
Champa Monday, 20 July 2020 07:21 PM
ආචාර්ය ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ කියනව කුරුණෑගල රාජ සභා මණ්ඩපය කොටසක් කඩලා නැවතුනේ යන්ත්‍රය ක්‍රියා විරහිත වුනු නිසාලු. ඒ කියන්නේ එදා රෑ නගරාධිපති ලැහැස්ති වෙලා තියෙන්නේ මුළු රාජ සභා මණ්ඩප පරිශ්‍රයම කඩා දාන්න. අනවසර ගොඩනැගිල්ලක් විතරක් කැඩුව කියල ඔහු පස්සේ කිව්වේ ලොකු බොරුවක්. මුළු රාජ සභා මණ්ඩපයම නගරාධිපතිට කඩා ගන්න බැරි වුනේ යන්ත්‍රය කැඩුණු හින්ද. අනිත් අතින්, දැවයෙන් නිම කරලා තියෙන මේ රාජ සභා මණ්ඩපය තවමත් කොතරම් ශක්තිමත්ව තිබිල තියෙනවද කියල එයින්ම පේනවා. මේ කරපු විනාශය මොන තරම් අපරාධයක්ද? මොහු අත් අඩංගුවට නොගත්තේ මන්ද? කුරුණෑගල නගරාධිපති වුනැයි කියල පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන නගරාධිපතිගේ තනි අයිතියට ගන්න බැහැ. මේවා මුළු රටේම ජනතාවට අයිති අපේ සිංහල උරුමය.
Reply : 0 0
Champa Monday, 20 July 2020 07:30 PM
ජාතික සම්පතක් වුනු මේ තරම් පෞරාණික රාජ සභා මණ්ඩපයේ කොටසක් කඩලා දාලත් නගරාධිපති කතා කල නොසැලකිලිමත් විලාශයෙන් පේනවා ඔහුට දේශපොලන රැකවරණයක් තියෙන බව. පොලිසියත් නිකම් ඉඳල තියෙන්නේ ඒ හින්ද වෙන්න ඇති. ඒ කියන්නේ මේ පෞරාණික රාජ සභා මණ්ඩපය කඩලා තියෙන්නේ ඉහලම ඉන්න රාජපක්ෂවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක් දැනුවත්ව. කවුද? මහින්ද රාජපක්ෂ ජූනි 28 කෞතුකාගාරයක් කරන්න කියපු රාජසභා මණ්ඩපය, ඔහුම ජූලි 15 කඩන්න කියයි කියල හිතන්න බැහැ. අනිත් අතට මේ මහින්දගේ ආසනය. 2015 මහින්දගේ පරාජයෙන් පස්සේ සුදු ජාතික කාන්තාවක් ලංකාවට ආව අතේ කොටපු බුදුහාමුදුරුවන්ගේ පච්චයක් පෙන්නගෙන. සිංහල පත්තරයක් ඒ පින්තූරේ දාල උඩින් ශීර්ෂ පාඨය දාල තිබුන "මහින්ද නැති ලංකාව" කියල. සිංහල බෞද්ධයන් ඒ තරමටම තමන්ව විශ්වාස කරන බව එතුමා දන්නවා. මහින්ද වෙන්න බැහැ. අනිත් රාජපක්ෂ දෙන්නගෙන් කෙනෙක්. හේතුව? එක රාජපක්ෂ කෙනෙක් නම් මේක කරන්න ඇත්තේ කොරෝනා වලට ආපහු යොමු වෙච්ච මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න වෙන්න පුළුවන්. අනිත් රාජපක්ෂ කළා නම් කරන්න ඇත්තේ මහින්දව අප්‍රසාදයට පත් කරලා චන්ද කඩන්න. පොහොට්ටුවේ බිම් මට්ටම අහන්නේ මේ රාජපක්ෂගේ කීම බව රටම දන්නවා.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 21 July 2020 09:20 PM
දැන් ඉතින් කඩිනමින් කළ යුත්තේ මේ විනාශ කරපු රාජ සභා මණ්ඩපය නැවත පෙර වාස්තු විද්‍යා සැළසුමට අනුව ගොඩනැගීමයි. වහාම පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරීම මූලික පියවරයි. හැබැයි මේ පිටුපස ලංකාවෙ බලගතුම දේශපාලන හස්තයක් නම් ක්‍රියාත්මකයි.
Reply : 0 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd