නවසීලන්තයේ ෆෑන් ෆැසිපික් රෑන්ග් රොක් ප්‍රෝ ඒ.එම්. කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහිදී ශූරතා පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ සාරා වෙරළවිතාන 10/25 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
ලෝක යෝග්‍යතා සම්මේලනයේ මෙහෙය වීමෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඉකුත් 10/05 දින මෙම තරගාවලිය පවත්වා තිබුණි.
මෙම තරගාවලියේ දී සාරා වෙරළවිතාන ස්පෝර්ට්ස් මොඩ්ල් සහ ප්‍රෝ මොඩ්ල් යන අංශ දෙකෙන්ම තරග කර එහි ශූරතා දිනා ගැනීමට සමත් වී සිටියාය.
මෙම ශූරතා දිනා ගත් සාරා වෙරළවිතාන 10/25 දින පස්වරු 04.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය .
ඇය පිළිගැනීම ගැනීම සදහා ඇයගේ මව දියණියන් දෙදෙනා ඇතුළු ඇයගේ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.



