ලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්‍රාසජනක , අභියෝගාත්මක "රේඩ් ඇමසෝන් " (Raid Amazones ) ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්‍රංශයේ සිට එරට තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම 03/20 දින අලුයම පැරිස් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම තරගාවලිය 03/20 දින සිට 03/28 දින දක්වා මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අදියර කීපයක් යටතේ පැවැත්වීමට තරග සංවිධායක මණ්ඩලය අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබේ .
මෙම ක්‍රීඩිකාවන් පිරිස 03/20 දින අලුයම 05.15 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

