කහ කුඩු සහ ජලය කලවම් කොට පෙට්රල් බව පවසා ලීටර් පහක් රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීමේ චෝදනාවකට පුද්ගලයෙකු සැකපිට 12 දින දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා දඹුල්ල ප්රදේශයේ අයෙකු බව පොලිසිය කියයි.
දඹුල්ල ප්රදේශයේ ම පුද්ගලයකුට යම්කිසි තරුණයෙකු ලීටර් එකක් රුපියල් දහස බැගින් පෙට්රල් විකුණන බව ලැබුණු තොරතුරක් මත පැදපැදියක ගොස් එම තරුණයා හමුවී පෙට්රල් ලීටර් 5 ලබාගැනීමට ගොස් තිබේ. ගැනුම්කරු විනාඩි කිහිපයක් පාළු ස්ථානයක තබා රුපියල් 5000ක මුදල ලබාගෙන පිටවගොස් ඇත .
පසුව මෙම අත්අඩංගුවේ පසුවන සැකකරු කහ කුඩු වලට ජලය මිශ්ර කොට පෙට්රල් පැහැය ගන්වා ලීටර් පහේ කෑන් එක රැගෙන විත් ගැනුම්කරු අසල තබා කඩිනමින් එම ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ පෙට්රල් අලෙවිකරණ සිද්ධිය මේ වන විටත් පොලීසියට තොරතුරු වාර්තා වී ඇති නිසා බවය
සැකකරු කඩිනමින් දිව යෑම සම්බන්ධයෙන් සැක සිතූ ගැනුම්කරු මුඩිය විවෘත කර බලන අවස්ථාවේ දී මෙය වතුර සහ කහ කුඩු මිශ්ර බව හඳුනාගෙන තිබේ
පසුව ඔහු දඹුල්ල පොලිසියට වහාම පැමිණිලි කිරීම්ත් සමග දඹුල්ල පොලිසියේ පොලිස් කණ්ඩායමක් වහාම ප්රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් ප්රශ්න කිරීමේ දී මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකම මිනිසුන් රවටා ජලය කහ කුඩු පෙට්රල් විකුණා ඇති බව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී යැයි පොලීසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිත බව දඹුල්ල පොලිසිය කියයි.


