තල්මස් විශේෂයක් අද (11දා) අලුයම කන්දකුලිය කුඩාව වෙරළ තිරයට පැමිණ සිටියදී ධීවරයින් හා වනජීවි, නාවික,පොලිස් කන්ඩායම් සමග විදේශීකයින් පිරිසක් එී නැවත මහ මුහුදට රැගෙන යාමට කටයුකු කල බව කල්පිටිය වනජීවි කාර්යාලය පවසයි.
මෙම තල්මස් විශේෂය ෆයිලට් වේල්ස් හදුන්වන බවත් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම තල්මසුන් රංචුව 10 දින අලුයම 2 පමන කුඩාව වෙරළ තිරයට පැමින සිටි බව ධීවරයින් පවසති.
මෙසේ වෙරළට පැමිණ සිටි තල්මසුන් විශේෂය මුලින්ම ධීවරයින් දැක ඇති බවත් ඔවුන් එී නැවත මුහුදට යැවිමට උත්සහ ගෙන තිබුණද එය හැකි වී නොමැති බව කියයි.
පසුව කන්දකුලිය වනජීවි නිළධාරින් හා කල්පිටිය නාවික හමුදා කණ්ඩායමක් පැමිණ ධීවරයින් සමග එක්වි පැය 10 කට අධික කාලයක් දැඩි වෙහෙසක් දරමින් නැවත මහ මුහුදට රැගෙන යාම කටයුතු කළ බව කියයි.
නමුත් එසේ රැගෙන ගිය තල්මස් විශේෂය නැවත නැවතත් කුඩාව වෙරළට පැමිණිම සිදුවිමත් සමග ධීවරයින් හා නිළධාරින් අපහසුතාවයට පත්ව තිබුණි.
මෙසේ පැමින තිබු තල්මසුන් අතරින් තල්මසුන් තිදෙනෙකු අවාසනාවන්ත අයුරින් මරණයට පත්වු බව වනජීවි නිළධාරිහු පවසති.
කෙසේ නමුත් මෙම තල්මසුන් නැවත මුහුදට යැවිමේ කටයුතු සදහා 200 කට ආසන්න ධීවරයින් ඇතුළු පිරිසක් එක්වි දැවැන්ත සටනක නිරත වු බව කියයි.







