මේ වසරේ දෙවන වතාවට දඹුල්ල කන්ඩලම ජලාශය වාන් දැමීම 14දා රාත්රී සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.
කන්ඩලම ජලාශය වාන පිහිටි ස්ථානයේ අඩි තිහක පමණ ඉතා ගැඹුරු අනාරක්ෂිත ජලය පිරී ඇති ස්ථානයක් නිසා මෙම ප්ර දේශය දැඩි අවදානම් කලාපයක් ලෙස දඹුල්ල පොලිසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මගින් දැන්වීම් පුවරු සවි කොට රතු පැහැති අවධානම් කොඩි ප්රදර්ශනය කරමින් දියට බැසීමට දිය නෑමට නොඑන ලෙස දන්වා තිබේ.
එ මෙන්ම කණ්ඩලම වැවේ වාන මතින් දඹුල්ල වෑවල වැව =මාර්ගය පිහිටා තිබේ , මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇත .
දඹුල්ල පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් ස්ථානවල සේවය කරමින් සිටි
කණ්ඩලම ජලාශයෙන් පිටවන වාන් ජලය කුඩා තමන් ඇළ හරහා මිරිස්ගෝනියාව ඔයට වැටී මිරිස්ගෝනියාව ඔය දිගේ කලා වැවට එකතුවේ .




