ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තැබිමට එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබෙනවා.
ඉහල කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට ඊයේ (03දා) පස්වරුවේ බලපෑ අධික වර්ෂාවත් සමග එහි වාන් දොරටු තුනක් මුලින් විවෘත කළා. පසුව ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම නිසා තවත් ස්වයංක්රිය වාන් දොරටු දෙකක් විවෘත වුණා.
ජලාශයේ වාන් දොරටු 5ක් පස්වරු 5 පමණ වන තෙක් විවෘත කර තිබුණු අතර , ඊයේ රාත්රිය වන විට එහි ස්වයංක්රිය වාන් දොරටු දෙක වැසි ගොස් තිබුණා.
අද (04දා) අලුයම වන විට එම ජලාශයේ විවෘත කර තිබු වාන් දොරටු තුනෙන් දෙකක් වසා දමා එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබෙනවා.
හැටන් රංජිත් රාජපක්ෂ



