මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (16දා) පෙරවරුවේ සිට විවෘත කර තිබේ.
ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට ප්‍රවේශම් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සසේ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.
ඡායාරූප හා සටහන- මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක



