ADA
www.ada.lk
2025 මැයි මස 12 වන සඳුදා
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (නොවැම්බර් 01) දින කොවිඩ් මර්ධන එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදිම සදහා තම දායකත්වය ලබා දුන්හ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
අද (01දා) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පිහිටි එන්නතකරණ මධ්‍යස්ථානයේදී කොවිඩ් මර්ධන රාජකාරියේ නියුතු පළමු පෙළ යුද්ධ හමුදා භඨපිරිස් හි දෙවන එන්නත ලබාගත් මාස 06 වඩා වැඩි පුද්ගලයින් හට තුන්වන මාත්‍රාව (බුස්ටර් එන්නත) වශයෙන් ෆයිසර් එන්නත ලබාදිමේ එන්නතකරණ වැඩසටහන කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
popular news
එමිරේට්ස් නවීනතම ගුවන් යානය කටුනායකට
මාව දැම්මේ ලක්ෂ 10ක චෙක්පතට පාර්ලිමේන්තුට ගේන්නම ලක්ෂ 20ක් යනවා
ජනපති පැමිණි ජෙට් යානයට රජයෙන් රුපියලක්වත් වියදම් වුණේ නෑ
අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට සමහර තැන් වල ගැටළුවක් තියෙනවා
ශ්‍රී ලන්කන් ගත් අලුත්ම අවසරය
මාලදිවයින ලංකාවෙන් ණය ඉල්ලුවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd