නීති විරෝධී ආකාරයට ආයුර්වේද වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරු අද (29දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මෙම විරෝධතාවෙන් පසු සෞඛ්‍ය ලේකම්වරිය ඇතුළු බලධාරීන් සමග සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ නිලධාරීහු සාකච්ඡාවකද නිරත වූහ.
මෙහිදී නීති විරෝධී ආකාරයට සිදුකරන මෙම ක්‍රියාව නිසා ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය පී.ඩී.එන්.එස්.ජේ. බණ්ඩාර මහතා සඳහන් කළේය.
විරෝධතා ව්‍යාපාරයට හා බලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවලට අනුව මෙම ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු




