වයස අවුරුදු 35 ට වැඩි උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඇතිවී තිබෙන ගැටලු විසඳිම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවට බලධාරීන් පොරොන්දු වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
මෙම ගැටලුව හා තවත් ගැටලු කීහිපයක් මුල්කර ගනිමින් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනක් ද පැවැත්විය.
මේ අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ බලධාරීන් හා අග්‍රාමාත්‍ය කාර්යාල බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ බවද එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කලහ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ



