ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අද (11දා) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් යාපනය දූපත් ආශ්රිත වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ කෘතීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස්රථ 20ක් මුහුදේ ගිල්වීම සිදු කරනු ලබයි.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මඟින් භාවිතයෙන් ඉවත් කළ බස්රථ 04ක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව දියයට ස්ථානගත කිරීම සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දෙන ලදී.
තවද, මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂා කරන අතර, මේ සඳහා ඉදිරියටත් නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරනු ලබයි.
popular news
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
තවත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඒ 9 මාර්ගයේ මාරක රිය අනතුරු දෙකක් මෙජර්වරයෙක් ඇතුළු 3ක් ජීවිතක්ෂයට
ගම්මන්පිල පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd