F.T.P.ගනේෂ් ක්රිෂාණ්තන්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට අද (19) උදෑසණ සිට ඇද හැලෙන ධාරා නිපිත වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 02 ක් අද පෙරවරුවේ විවෘත කළ බව එම ජලාශය බාර ඉංජිනේරුවෝ පැවසූහ.
පැවති වර්ෂාවත් සමග ඊයේ දින එම ජලාශයේ එක් වාවන් දොරටුවක් ස්වයංක්‍රීය විවෘත්ත කෙරුණ බවත්, එය ඊයේ (18) රාත්‍රී වර්ෂාව අඩු වීම නිසා වසා දැමූ බවත්, අද උදෑසණ සිට ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග වාන් දොරටු දෙකක් විවෘත්ත කළ බවත් ඉහළ කොත්මලේ ජලාශ බාර ඉංජිනේරුවෝ පවසති.
මෙම තත්වයත් සමග කොත්මලා ඔයේ ජලය ඉහළ නැගීම නිසා එම ඔය දෙපස සිටින ජනතාවට දැඩි විමසිල්ලලෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය දන්වා සිටී.


