ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සැසිවාරයට එක්වීමේදී ඇඳිය යුතු ඇඳුම නිශ්චිතව දක්වා තිබේ.
කෙසේ වෙතත් අතාවුල්ලාගේ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂය දිගින් දිගටම විරෝධය එල්ල කළ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් සිය කමිසය ගලවා ඉවත් කරන බවයි.
කෙසේ වෙතත් පසුව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතාවුල්ලා මහතා සමීපයට ගොස් ඔහුට යම් දෙයක් පවැසූ අතර පසුව අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සභාවෙන් පිටවන අයුරු දක්නට ලැබුණි.


