Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා
2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා
ජාතික ජන බල වේගය රජයේ මංගල අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (17දා) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
01:15 PM අයවැය කථාව අවසන් පාර්ලිමේන්තුව පස්වරු 2 දක්වා කල් තැබිණ.
01:09 PM
මෙය අයවැය ප්‍රතිපත්ති සාමූහික උත්සායක ප්‍රතිඵලයක්. අපේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට ආගන්තුකයින්.
අපි ජීවන වියදම අඩු කර තිබෙනවා. ආයෝජකයන්ට අතරමැදියන්ට අයෝජනය කිරීමට තිබූ අවස්ථාව අහිමි කර තිබෙනවා. රජය කිසි විටකත් දූෂණයටඉඩ දෙන්නේ නෑ. සන්තෝසම් දෙන්න කිසිවෙක් බිය වෙන්න එපා. එහෙත් සන්තෝසම් ගන්න උත්සාහ කරන්නන් බිය යුතුයි.
01:03 PM 2025දී ශ්‍රී ලංකාවේ බදු ආදායම් ඉලක්කය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1කි.
12:59 PM 2020 ජනවාරි මාසයට පෙර විශ්‍රාම ගිය සියලු අයගේ විශ්‍රාම වැටපු 2020 ජනවාරි මාසයට ගලපනවා.
12:56 PM පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම අවම මූලික වැටුප රුපියල් 21000 සිට රු 25000 දක්වා අප්‍රේල් සිට වැඩි විමට යෝජිත අතර 2026 ජනවාරියේ සිට රුපියල් 30000ක් දක්වා වැඩි කෙරේ.
12:54 PM
ඉතිරි සියයට 70 2026 වසරේ ජනවාරි හා 2027 ජනවාරි මාසයේදී සමාන කොටස්වලින් ගෙවනු ලැබේ.2025 වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් වෙන් කර තිබේ.
රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය සීමාව රුපියල් 250000 සිට රුපියල් 400000ත් දක්වා වැඩි කෙරේ්
12:52 PM
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 24250 සිට රුපියල් 40000 දක්වා රුපියල් 15750කින් වැඩි කිරීමට යෝජනා කරනවා.
වාර්ශික වැටුප් වැඩිවීමේ වර්ධනය සියයට 80කින් සිු කරනවා. වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කරනවා.
වැටුප් වැඩිවීම කොටස් වශයෙන් සිදු කරනවා. මුළු ශුද්ධ වැටුප් වැඩිවිමෙන් රුපියල් 5000ක්හා ඉතිරි මුදලින් සියයට 30ක් අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලැබේ.
12:49 PM රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු වෙනුවෙන් 30000ක් බදවා ගන්නවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10000ක් වෙන් කරනවා.
12:48 PM ගිරි බාව එප්පාවල ජල සම්පාදන ක්‍රමය නැවත ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් යොදවනවා.
12:47 PM
ආරක්ෂිත ජල සැපයුම් ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට 41234 ක මුදලක් වෙන් කළ යුතුයි. ඒ සඳහා 2025දී රුපියල් මිලියන 20000ක් වෙන් කරනවා.
ප්‍රජා මූලික ජල සම්පාදන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් යොදවනවා
12:45 PM
ගැටුමින් පසු ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කරනවා.
රජය සතු මහල් නිවාස වලනඩත්තුව වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන්කරනවා.
කලාකරුවන් හා මාධ ්ය වේදීන් වෙනුවෙන් වෙනුවෙන් නිවාස ඒකක 108කින් සමන්විත මහල් නිවාස ඒකකයක් කොට්ටාවේ ඉදි කරනවා.
12:43 PM
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කරනවා.
වංචා දූෂණය අවම කිරීම වෙනුවෙන් නීති සකස් කරනවා.
ශ්‍රී ලාංකික දිනය ජාතික උත්සවය සංවිධානය කරනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන්කරනවා.
12:40 PM
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හරහා සිදුකරන ව්‍යාපෘති වෙනුවෙන් 2025 වසරේදී රුපියල් මිලියන 5000ක් වෙන් කරනවා.
12:34 PM
ඛණිජ සම්පත් අගය වැඩි කිරීමට කාර්මික කලාපයක් පරන්තන් ඉදි කරනවා.
ටෙක්නෝ පාක් සංවර්ධනය රුපියල් මිලියන 500ක්
මෝටර් රථ උපාංග හා රබර් නිෂ්පාදන වෙනුවෙන් කාර්මික ජනපදයක් මේ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වැය කරනවා.
12:31 PM
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල වෙනත් යෝජනා වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
නැගෙනහිර සංවර්ධනය ඉන්දීය රජය සමග කටයුතු කරනවා. ඉන්දියාවෙන් විශාල ප්‍රදානයක් ලබා දෙනවා. ඒ සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
12:29 PM විමධ්‍යගත අයවැය මෙවර ක්‍රියාත්මක කරනවා. එ වෙනුවෙන් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10ක් වෙන් කරනවා. තවත් රුපියල් මිලියන 9000ක් වෙන් කරනවා.
12:28 PM මුලතිව් - වඩ්ඩුවාකල් පාලම ඉදිකිරීමට යෝජනා කරනවා වැඩ ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක්
12:27 PM
ග්‍රාමීය මාර්ග වැඩිදියුනු කිරීමට හා ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 3000ක්
ග්‍රාමීය පාලම් වැඩිදියුනු කරීමට රුපියල් මිලියන 1000ක්
උතුරු පළාතේ මාර්ග හා පාලම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 5000ක්
12:25 PM ශ්‍රී ලන්කන් ණය පියවීම වෙනුවෙන් 2025 වසරේදී ණය ආපසු ගෙවීමට මිලියන 10000ක් හා පොලිය ගෙවීමට රුපියල් මිලියන 10000ක වැය බරක් දරනවා. දෛනික මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ශ්‍රී ලන්කන් වෙත නැවත මුදල් ලබා දීමක් සිදුකරන්නේ නෑ.
12:22 PM
කැළණි වැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ලෙන් ඔබ්බට ගෙන යනවා. ඒ වෙනුවෙන් වූ මූලික වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලයන 250ක් වෙන් කරවා.
ලංගම හා පෞද්ගලික බස් රථ වෙනුවෙන් ඒකාබද්ධ කාල සටහනක් සකස් කිරීමට කටයුතු කරනවා.
මහනුවර බහුවිධ සංවර්ධන ප්‍රවාහන මධ්‍යස්ථානයට රජය අඛණ්ඩව සහාය දෙනවා.
කෘෂිකාර්මික නිශ්පාදන ප්‍රවාහනයට සක්‍යතාවයක් සලකා බලනවා. එය තඹුත්තේගමින් ආරම්භ කරනවා. තඹුත්තේගම දුම්රිය ස්ථානය අසළ ආර්ථික මධ්‍යස්ථායක් තිබෙනවා.
12:20 PM
දුම්රිය සේවාවල කාර්යක්ෂමතාව දියුනු කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
12:19 PM නව බස් සමාගමක් යටතේ මෙම සේවා ක්‍රියාත්මක කරනවා. මේවා සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වෙනු ඇත.
12:19 PM
මහා මාර්ග හා දුම්රිය මාර්ග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට යෝජනා කරනවා.
කොළඹ ප්‍රධාන මාර්ග කොරිඩෝ තුනක් ඔස්සේ සැපපහසු බස්රථ 100ක් යොදවනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් යොදවනවා.
12:17 PM මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩු කිරීමට කටයුතු කරනවා.
12:16 PM මතින් තොර සමාජයක් වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
12:15 PM
විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණෙන විට තීරුබදු නිදහස් දීමනාව වැඩි කරනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. රුපියල් මිලයනයක තැන්පතුවක් වෙනුවෙන් පවතින පොලී අනුපාතයට වැඩියෙන් සියයට 3.5ගෙවනවා.
12:13 PM
අවුරුදු කාල සීමාවට ආහාර පැකේජයක්..
ලංකා සතොස හරහා සහන මිලට වියළි ආහාර සලාකයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක්.
12:12 PM
සිසුන් හා නව යොවුන් වියේ පසුවන්නන් දැනුවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
ආබාධ පුද්ගලයන් වෙනුවෙන් සහායක නිෂ්පාදන වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
12:11 PM වන සත්ව හානි නිසා පුද්ගල මරණයකදී රුපියල් මිලියනයක් ගෙවනවා.
12:10 PM
ආනාථ දරුවන් විවාහ වීමේදී ආරක්ෂිත නිවාසයක් වෙනුවෙන් රුපියල් මිලියනයක් ලබා දෙනවා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් ලබා දෙනවා.
රැඳවුම් මධ්‍යස්ථානවල සිටින දරුවන්ට ළඟම සිටින පාසල ලබා දීමට කටයුතු කරනවා.
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබ සාධනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරනවා.
12:06 PM
ළමා නිවාසගත ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ධාරිතාව වර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
චූදිත ළමුන් වෙනුවෙන් අධිකරණ ප්‍රවාහන පහසුකම් ලබාදීමේදී හිතකර පහසුකම් ලබාදීම වෙනුවෙන් සුදුසු වාහන මිලදී ගැනිමට රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
අනාථ දරුවන් වෙනුවෙන් පුළුල් සමාජ ආරක්ෂණයක් හා නිවාස ලබා දීමට කටයුතු කරනවා. රජයේ ආයතන හා රැඳවුම් නිවාස වල දරුවන්ට සුබ සාධන පහසුකම් දෙනවා. මෙහිදී රුපියල් 5000ක මාසික දීමනාවක් දෙනවා. රු 2000ක් ළමයාගේ ගිනුමට තැන්පත් කරනවා. භාරකරුවන්ට රුපියල් 3000ක් දෙ
12:01 PM
සමාජ ප්රතිලාභ ලේඛණයේ සිටින අයට මුදල් ප්‍රතිපාදන වැඩි කරනවා. අස්වැසුම වෙනුවෙන් රුපියල් බිලියන 232.5ක් වෙන් කරනවා.
අස්වැසුම වෙනුවෙන් 2025 මැයි මාසයේදී නව තෝරා ගැනීම් අවසන් කරනවා.
වකුගඩු රෝගී හා ආබාධ පුද්ගලයන් සඳහා වන මාසික දීමනාව රු 7500 සිට රු 10000 දක්වා වැඩි කරනවා.
වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වා වැඩි කරනවා
11:59 AM මිරිදිය ඉස්සන් අභිජනයනය කිරීමට ගොවි සමිතිවලට පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.
11:57 AM නව ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රමුඛතාව අනුව කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා. 2030දී පොල් අවශ්‍යතාව පොල් ගෙඩි 4500ක් වෙනවා. අපේ නිෂ්පාදනය ගෙඩි මිලයන 3000යි. උතුරු පොල් ත්‍රිකෝණය වෙනුවෙන් නව ඉඩම් ලබාදීමටත් පොල් පැල සංවර්ධනයටත් රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
11:55 AM කෘෂිකාර්මික ක්ෂේත්රයට තරුණ ව්‍යවසායකයන් කැඳවීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. කිරි ගොවිපළ ඵලදායිතාව වර්ධනයට රුපියල් මිලියන 2500ක් ආයෝජනය කරනවා. වාරි ක්ෂේත්‍ර යේ සංවර්ධනය රුපියල් මිලියන 78000ක් යොදවනවා.
11:53 AM ඉඩම් නිකන් නොතිබිය යුතුයි. ඌණ උපයෝජිත ඉඩම් සංවර්ධනය කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි රුපියල් මිලියන 250ක් ලබා දෙනවා. එවැනි ඉඩම් වෙනුවෙන් අපි ආයෝජකයන් යොදවනවා.
11:51 AM කෘෂි කර්මය වෙනුවෙන් නිවැරදි දත්ත පද්ධතියක් ස්ථාපිත කරනවා.වී හා හාල් තොග වෙනුවෙන් නියාමන පද්ධතියක් අවශ්‍ය වී තිබෙනවා. මේ වෙනුවෙන් වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරනවා.
11:50 AM මහ කන්නයේ සිට ආරක්ෂණ වී තොගයක් තබා ගැනීමට අපේක්ෂා කරනවා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් වෙන් කරනවා. අවශ්‍ය නම් එම වී තොගය බැංකුවට තබා තවත් ණය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
11:48 AM
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස අපි සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා ඒ සඳහා රුපියල් බිලියන 35ක් වෙන් කර තිබෙනවා.
11:46 AM බලශක්ති ක්ෂේත්‍ර යේ ආයෝජනයට රජය අඛණ්ඩව කටයුතු කරනවා. සංශෝධිත විදුලි බල පනත අප ඉක්මනින් අවසන් කරනවා. අවම පිරිවැයකින් යුත් බලශක්ති ආයෝජන සඳහා අපි අවස්ථාව දෙනවා. රට කුමක්ද සමාගම කුමක්ද කියා අපි සලකන්නේ නෑ.
11:44 AM යාපනය පුස්තකාලය වෙනුවෙන් අවහ්‍ය පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරනවා අනෙකුත් පුස්තකාල වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.
11:41 AM
වෘත්තීය අධ්‍යාපනය හදාරණ සිසුන් වෙනුවෙන් දෙන දීමනාව රුපියල් 4000 සිට රුපියල් 5000 දක්වා වැඩි කරනවා.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට රුපියල් 7500ක් දක්වා වැඩි කරනවා.
ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4500 සිට රුපියල් 6500ක් දක්වා වැඩි කරනවා. මෙම ගෙවීම් අප්‍රේල් මස සිට සිදුකනවා.
11:40 AM
සියයට වඩා අඩු සිසුන් සිටින පාසල් සංඛ්‍යාව 3000ට වැඩියි. පාසල් අතර විශමතාව වර්ධනය වී තිබෙනවා. පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කර ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. පහ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට රුපියල් 1500ක් දක්වා වැඩි කරනවා. ක්‍රීඩා පාසල් සිසුන් සඳහා දෙන දීමනාව රුපියල් 5000 සිට රුපියල් 10000ක් කරනවා.
11:38 AM ඔටිසම් දරුවන් වෙනුවෙන් ආදර්ශ දිවා සුරකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීමට රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. පෙර පාසල් දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා. පෙර පාසල් ගරුවරුන්ගේ මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කරනවා.
11:36 AM
වතු රෝහල් වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, ඖෂධ රජයෙන් ලබා දෙනවා. 2025 වසර සඳහා සෞඛ්‍ය අයවැය ප්රතිපාදනය රුපියල් බිලියන 604ක් දක්වා වැඩි කර තිබෙනවා. ඖෂධ සැපයීම වෙනුවෙන් රුපියල් බිලියන 185
ක් වෙන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඔටිසම් තත්ත්වය වර්ධනය වී තිබෙනවා. මේ වෙනුවෙන් වසර පහක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.
11:32 AM ගැබිණි මාතාවන් සඳහා පෝෂ්‍යදායි ආහාර වේල වෙනුවෙන් රුපියල් මිලියන 7500ක් දැනටත් වෙන් කර තිබෙනවා. ත්‍රි පෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් වෙන් කරනවා. ළමා හා කාන්තා හිංසනය වැළැක්වීමට රුපියල් මිලියන 120ක් වෙන් කරනවා.
11:31 AM තෝරා ගත් රාජ්‍ය ව්‍යවසායන් පරිපාලකයක් යටතට යොදවනවා.
11:28 AM
නවෝත්පාදන හා නව නිපයුම් අරමුදලක් වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා.
මහජන නියෝජිතයන්ට ලබා දෙන රක්ෂණය රු. මිලියනයේ සිට රුපියල් ලක්ෂ 2.5ක් දක්වා අඩු කරනවා.
ඇමතිවරයෙක් හිටපු නිවසක් අපි දූෂණ විරෝධී කාර්යායට දුන්නා.
සියලුම සුඛෝපභෝගී වාහන අපි මාර්තු මාසයේදී විකුණනවා.
වාහන සඳහා රජයේ වියදම් අඩු කරනවා. තෝරා ගත් රජයේ නිලධාරීන්ට මූල්‍ය ප්රතිපාදනයක් ලබාදීම හරහා අපි කටයුතු කරනවා. මන්ත්‍රීවරුන්ට මේ වසරේදී වාහනත් නෑ බලපත්‍රයත් නෑ.
11:22 AM රජය සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. පළමු පියවර ලෙස නව පරිපාලන ව්‍යුහයක් සඳහා දැනට පවතින රාජ්‍ය බැංකු හරහා ස්ථාපිත කරනවා. ණය ඇපකර හරහා රජය සහාය දෙනවා.
11:20 AM
ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා.
සංචාරක කර්මාන්තය වෙනුවෙන් නව ගමනාන්ත වර්ධනය කළ යුතු වෙනවා. එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
ඩිජිටල් ටිකට් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරනවා. කටුනායක ගුවන් තොටුපොළ ධාරිතාව පාලනය කර ගන්න බැරි තරමට හිර වෙලා තිබෙනවා. කටුනායක දෙවැනි පර්යන්තය ඉතා ඉක්මනින් අවසන් කරනවා.
11:15 AM
යල් පැන ගිය පරිලෝඛණ යන්ත්‍ර වෙනුවට කොළඹ වරායට හා කටුනායක ගුවන් තොටුපොළ වෙත නව පරිලෝඛණ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා.
ශ්‍රී ලංකා පුරවැසියන් වෙනුවෙන් ඩිජිටල් හැඳුනුම්පත ප්රමුඛ කරුණක් වෙනවා. මෙම ඩිජිටල් හැඳුනුම්පත ඉක්මනින් අවසන් කරනවා.
මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත් විය යුතුයි. එය අවම කිරීමට අපි කටයුතු කරනවා.
11:11 AM
ජාතික තත්ත්ව කළමණාකරණ පද්ධිතය අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් රු මි 750ක් වෙන්කරනවා.
කොළඹ වරාය බටහිර පර්යන්තය 2 හා කොළඹ උතුරු වරාය වෙනුවෙන් මසක් ඇතුළත අපි අභාලාෂ කැඳවනවා.
වරාය තද බදය වැළැක්වීම වෙනුවෙන් දිගු කාලීන විසඳුමකට අවශ්‍ය වැඩසටනක් වෙනුවෙන් රු මි 500ක් වෙන්කරවා.
වේයන්ගොඩ අභ්‍යන්තර පර්යන්තරයක් ඉදි කරනවා ඒ වෙනුවෙන් රු මි 500ක් වෙන්කරනවා.
11:07 AM ආර්ථික පරිවර්තන පනත අපි සංශෝධනය කරනවා. රජය සතු ඉඩම් ඵලදායි ආර්ථික කටයුතු වෙනුවෙන් අපි බදු ලබාදීමට කටයුතු කරනවා. රටේ ව්‍යාපාර කිරීමේ පහසුව අපි වර්ධනය කරනවා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය වෙනුවෙන් අපි නව පනතක් ඉදිරි පත් කරනවා. බිම් සවිය ශක්තිමත් කරනවා.
11:04 AM ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් 2025 - 2029 වෙනුවෙන් සකසනවා. ආනයන අමුද්‍රව්‍ය වෙනුවෙන් සරළ විනිවිද පෙනෙන තීරු බදු නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් ජාලය පුළුල් කිරීමට කටයුතු කරනවා. නව රේගු පනතක් හඳුන්වාදීමට කටයුතු කරනවා. දැනට සකස් කර ඇති රේගු පනත සංශෝධනය කරනවා.
11:01 AM දිළිඳු භාවය අවධමනය කිරීමට අපි 2025දී කටයුතු කරනවා. දරිද්‍රතාවයේ අඛණ්ඩ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා.
10:59 AM දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අප රජයේ ප්‍රධාන අරමුණයි. විදේශ අංශයේ ජංගම ගිණුමේ ස්ථාවර ශේෂයක් අපි අපේක්ෂා කරනවා. 2025දී අපනයනය ඩො.බි. 19ක් අපි අපේක්ෂා කරනවා. ශක්තිමත් ආර්ථික වර්ධනයක් සමගින් මෙය තවත් ඉහළ යාවි. සියයට 2.3ක ප්‍රාථමික ගිණුමේ අපි අතිරික්තයක තබා ගන්නවා. ණය සේවා කරන ගෙවීම් සඳහා අපි ඉතා හොඳ සූදානමකින් සිටින බවට අප තහවුරු කරනවා. 2028දී අපි ණය සාර්ථකව ගෙවන රාජ්‍යයක් බවට පත්වෙනවා.
10:56 AM අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් මෙවර අයවැයෙන් ඉතිහාසයේ ඉහළම මුදල් වෙන් කර තිබෙනවා.
10:52 AM මහජන මුදල් වියදම් කරන්නේ හැම රුපියලකින්ම ආර්ථික හෝ සමාජ ප්‍රතිඵල අත් කර ගැනීමේ අපේක්ෂාවෙන්. රටක් ලෙස දැඩි ඉවසිලිවන්තව සාමූහික විනයකින් කටයුතු කළ යුතුයි.
10:50 AM මෙවර අයවැය රාජ්‍ය මුල්‍ය කළමණාකරණ පනත අනුව සකස් කර තිබෙනවා. සීමිත බදු මුදල් ප්‍රමුඛතාව අනුව පරිහරණය කිරීම අපගේ අරමුණයි. මෙවර අයවැයෙන් උපරිම අයුරින් මුදල් වෙන් කිරීමට නොහැකියි. සමාජ සුබ සාධන ප්‍රමුඛතා වෙනුවෙන් අපි මුදල් වෙන් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී සහනාධාරය වෙනුවෙන් අපි මුදල් වෙන් කර තිබනෙවා. මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් දළ දේශීය නිශ්පාදිතයන් සියයට 4ක් වෙන් කර තිබෙනවා.
10:47 AM ආර්ථිකය සංකේන්ද්‍රණය වී තිබෙන්නේ කුඩා පිරිසක් මතයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40කට දායකත්වය දී තිබෙන්නේ බස්නාහිර පළාතයි. ආර්ථිකය ප්රජානත්ත්රීකරණය විය යුතුයි. දැන් ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම මෙවර අයවැයේ දර්ශනයයි. මෙවර අයවැය සකස් කර තිබෙන්නේ බොහෝ සීමාන්ට යටත්වයි.
10:44 AM ෆිච් රේටින් හා මූඩීස් වැනි ආයතන ඛාණ්ඩ කිහිපයක් අපේ ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමුවා. අවධානමට ලක්වන කණ්ඩායම්වලට සිදුවන බලපෑම් තවමත් සිදුවුණා. තවමත් ජනතාවගේ ජීවන තත්ත්වය පහළ බැස තිබෙනවා. මූර්ත වැටුප පහත වැටී තිබෙනවා. සැලකිය යුතු වැටුප් වැඩිවිමක් සිදු කළ යුතුව තිබෙනවා.
10:42 AM අපේ ආර්ථික න්‍යාය පත්‍රය අපි විසින්ම සකස් කර ගැනීම වෙනුවෙන් ආර්ථික ස්වාධීන තත්ත්වයකට අපි පත්විය යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2024 දෙසැම්බර් අවසන් කළා. අපි බලයට එන විටත් එම ක්‍රියාවලිය සිදුවුණා. අපි එයට බාධා කිරීමේ කළේ නෑ.
10:41 AM මෙම අයවැය ඉතිහාසගත අයවැයක් වෙනවා. අපිට එරෙහිව සෘණාත්මක ප්‍රචාරයන් ගෙන ගියා. අපි ආයෝජකයන් අතර විශ්වාසය ඇති කළා. භාණ්ඩාගාර බිල්පත් වල පොලිය අඩු කළා. ණය ගෙවීමෙන් පසුවද 2024 අවසානයේදී ඩො.බි. 6.1ක සංචිතයක් පවත්වා ගත්තා. 2025දී අපි සියයට 5ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා.
10:38 AM බලයට පැමිණි තාවකාලික රජය දූෂිතයන් ආරක්ෂා කිරීම, නාස්තිය, දූෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියා. පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමුවා.
10:37 AM 2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදය සමාජයේ දුප්පත්ම කොටසට බලපෑම් ඇති කළා. දූෂිත පාලකයන්ට එරෙහිව ජනතාව නැගී සිටියා. ජනතාව ඔවුන් පන්නා දැමුවා.
10:31 AM පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සඳහා කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd