මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරිමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියම වූ අතර ඔහට විදේශ ගමන් තහනමක්ද පැනවිය.
එසේම සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනි සිටිය යුතු බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද නියෝග කළේය.