මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්සඳහා මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙන හෙයින් මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම සුදුසු යැයිද එබැවින් මෙම තීරණය ගත්බවද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස් දැනගැනීම වැදගත් බවද පැවසූමුජිබර් රහුමාන් මහතා මේ සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය පවත්වන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
