ඉන්ධන මිල පැවති මිලටම බෙදාහරින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදුම්කරුවන් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.
එමෙන්ම මාධ්‍ය මගින් ප්‍රකාශ කරන පුවත් පදනම් කරගනිමින් බෙදුම්පොළවල ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ නොහැකි බවත් එය ඛනිජ තෙල් සංස්ථාව සහ බෙදුම්කාර පාර්ශ්වයන් අතර අත්සන් කර ඇති ගිවිසුම් කඩ කිරීමක් බවද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් අද (06දා) ඛනිජ තෙල් සංස්ථාවට ලබා දුන්නේ යැයි කියන නියෝගයක් සම්බන්ධයෙන් මේ වන විට විවිධ පුවත් පළ වෙමින් පවතින බවත් සංස්ථාවේ ලිඛිත අවසරයකින් තොරව ඉන්දන මිල ගණන් වෙනස් කළ නොහැකි බවත් එම ලිපියෙහි සඳහන් වෙයි.
ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේය.
ඉන්ධන මිල යළිත් ඉහළට
