තැපැල් වෘත්තීය සමිති සිදුකරන වැඩ වර්ජනයට සහාය දැක්වීමට වරාය, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු, රාජ්යකළමනාකරණ සේවාවල වෘත්තීය සමිති 25ක් එකඟ වූ බව තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මේ අනුව අද (25දා) තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී වෘත්තීය සමිති 25ක් සහ තැපැල් වෘත්තීය සමිති එක්ව තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවද එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 15ක් ගත වී තිබෙන බවත්, සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා තැපැල් සේවාවෙන් තොර වෙනත් රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තීය සමිති එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට සාකච්ඡා කළ බවත් ඔහු පවසා සිටියේය.
එම සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර, එම වෘත්තීය සමිතිද වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවට තම සංගමයට පොරොන්දු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
විසඳුම් ඉල්ලා මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට සමගාමීව ගාල්ල, මාතර, කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාල ඉදිරිපිට අඛණ්ඩ උපවාස ආරම්භ කර තිබෙන බවත්, ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලද උපවාස ආරම්භ කරන බවත් හෙතෙම කියා සිටියේය.
තැපැල් සේවකයන්ගේ ගැටලු විසඳීමට විෂයභාර අමාත්‍යවරයා කැමති වුවද, අදාළ ගැටලු විසඳීනැතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
තැපැල් සේවක වර්ජනය සාධාරණ ක්‍රියාමාර්ගයක් බවත්, මේ නිසා වහාම අදාළ ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවත් එම සංගමයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
මෙතෙක් සිදු කළ අරගල අවසන් කළේ ජයග්‍රහණ අත් කර ගනිමින් බවත්, මේ නිසා තැපැල් සේවක වර්ජනය ජයග්‍රහණය කරවීම සඳහා තැපැල් වෘත්තීය සමිතිගෙන යන වැඩ වර්ජනයට පූර්ණ සහාය ලබාදෙන බවත් හෙතෙම කියා සිටියේය.
