ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා හා නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා අතර අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවිය.
රජය විසින් පනවා ඇති පාලන මිල ගණන් යටතේ සහල් අලෙවි කළ යුතු බවට අරලිය සහල් හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළත් නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා සඳහන් කළේ එම මිලට සහල් ලබාදිය නොහැකි බවයි.
එම ප්‍රකාශයත් සමගින් ඩඩ්ලි සිරිසේන මහතා තරමක් උරණ වූ අතර ඔහු සඳහන් කළේ පොලොන්නරුවේ වී මාෆියාව මෙහෙය වන්නේ මෙවැනි පුද්ගලයන් බවයි.
"අනිත් මෝල් අය කථා කරවකෝ. හාල් මිල වැඩි කරන්න මෙතන කථා කරන්න මෙතන කථා කරන්න ඕන නෑ. මුන් හැමදාම එකතු වෙලා කරන්නේ හාල් මිල වැඩි කිරිමයි. මෙයාගේ විතරක් නෙමෙයි ලත් සහල්, නිපුන, රත්න ඔක්කොම ඉන්නවා මේකේ.
මිල වැඩි කරන්න දෙන්න බෑ. නැගිටින්න ඔයා. මිල වැඩි කරන්න දෙන්නේ නෑ. ඔයා යන්න. රුපියල් 7500ට ගත්ත වී දෙනවා ඕයි ඒ ගාණට. තොපි මාෆියාව යකෝ. සාධාරණ ව්‍යාපාරිකයන්ට පහර ගැහුවා. පාලන මිලට දේනන බැරි වී රජයට පවරා ගන්න.ඔය ඕනම කඩේකින් සමීක්ෂණයක් කරන්න අන්තිමට සහල් මිල වැඩි කළේ අරලිය නෙවෙයිද කියලා."