2021 වසරට අදාළ Tesla සමාගමේ 2021 AI Day event එක අවසානයේදී AI තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන මානවරූපී රොබෝවරයෙක් පිළිබඳව සංකල්පයක් හඳුන්වාදීමට Tesla සමාගම පසුගියදා කටයුතු කර සිටියේය.
මෙම හඳුන්වාදීම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ කාරණාවක් වුණු අතර, එයට හේතුව නම් මිනිසා විසින් ගොඩනැඟූ ලෝකය තුළ මිනිසා අතරින් ඇවිද යන රොබෝවරයකු, එනම් මිනිසුන් සමඟින් මිත්‍රශීලී මෙන්ම ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළ හැකි රොබෝවරයෙකු පිළිබඳ සංකල්පය මේ තුළින් ඉදිරිපත් වීමයි.
AI day event එක අවසානයේදී Tesla Bot මෙන් සැරසුනු කාන්තාවකගේ නර්තනයකින් අනතුරුව Elon Musk විසින්" බොහෝ දුරට ඊළඟ වසරේදී" Prototype එකක් එළිදැක්වෙතැයි අපේක්ෂා කෙරෙන මෙම නවතම Tesla Bot ව්‍යාපෘතිය පිළිබඳව අනාවරණය කර සිටියේය.
Musk විසින් ප්‍රකාශ කරන පරිදි අඩි 5 යි අඟල් 8 ක් උස, කිලෝග්‍රෑම් 57 ක බරකින් යුත් මෙම මානවරූපී රොබෝවරයා සැහැල්ලු අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවනු ඇති අතර එම "රොබෝ සිරුරේ යම් තැනක" ස්ථානගත කෙරෙන තිරයකින් රෝබෝවරයා පිළිබඳව සම්පූර්ණ දත්ත දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇතියි.
මිනිසා විසින් සිදු කළ යුතු නමුත්, "ආරක්ෂාකාරී නොවන, නැවත නැවත සිදු කළයුතු සහ කම්මැලි සහගත" කාර්යයන්, මිනිසා වෙනුවෙන් සිදු කිරීම ඉලක්ක කරගෙන මෙම රොබෝවරයා සකස් කිරීමට නියමිතව තිබේ.
Musk විසින් උදාහරණයක් ලෙස "ග්‍රොසරි එකකට ගොස් බඩු රැගෙන ඒම" වැනි ක්‍රියාවක් දෙයක් පෙන්වා දුන් අතර, ඒ අනුව අනාගතයේදී මිනිසා ශාරීරිකව වැඩ කල යුතු වුවත් "එසේ කිරීමට අවශ්‍ය නොවන" පසුබිමක් නිර්මාණය වෙතැයි අපේක්ෂා කල හැකියි.