වර්තමානයේදී ඔබ කොතැනකදී හෝ කැමරාවක් රහිත ස්මාට්ෆෝනයක් දැක තිබේද? මෙයට අනිවාර්ය පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්දයත් ස්මාට්ෆෝන් සංකල්පය සමගින්ම ස්මාට්ෆෝන් කැමරාවද මේ වනවිට බැඳී පවත්නා බැවිනි. එය එසේ වුවත් මෙය ආරම්භ වන්නේ ස්මාට්ෆෝන් සමගින් නොවේ. අප "කැමරා ෆෝන්" යන යෙදුම මුලින්ම භාවිතා කරන්නට යෙදුණේ පසුපස කැමරාවක් සහිත විශේෂාංග ජංගම දුරකථන සඳහායි.
මෙම මූලික කැමරා සහිත ජංගම දුරකථන භාවිතා වූයේ ඩිජිටල් කැමරාවක් නොමැති අවස්ථාවක දකිනා යමක් රූගත කර ගැනීමට වූ නමුත්, මුල් කාලීන ජංගම දුරකථන කැමරාවන්ට ගුණාත්මක භාවය අතින් ඩිජිටල් කැමරා වෙත ආසන්න වීමට හෝ හැකි නොවුණි. කෙසේ නමුත් ස්මාට්ෆෝන් ප්‍රචලිත වීමත් සමගින් ක්‍රම ක්‍රමයෙන් මම ස්මාට්ෆෝන් කැමරාවද දියුණු වීමටත්, විශේෂ හැකියාවන් අත්පත් කරගැනීමටත් පටන් ගනී. මෙම පරිණාමයේ එක් තැනකදී ස්මාට්ෆෝනයට කැමරා දෙකක්, එනම් ඉදිරිපසටද කැමරාවක් එක් වීම ඇරඹේ. මෙහි මූලිකම අවශ්‍යතාව වූයේ ස්කයිප් වැනි ශ්‍රව්‍ය දෘෂ්‍ය සන්නිවේදනයන් සඳහා පහසුවක් වීමට යැයි සිතිය හැකිය.
පසුකාලීනව ශීඝ්‍රයෙන් ස්මාට්ෆෝන් කැමරාවන් දියුණු වීම සිදුවූ අතර, නවීන ඩිජිටල් කැමරාවන්ට පවා අභියෝග කළ හැකි ආකාරයේ විශේෂාංගයන් සහ සෙන්සරයන් සහිත පසුපස කැමරා සහිත ස්මාට්ෆෝනයන් වැඩි වැඩියෙන් එළිදැක්වුණි. මෙසේ ගන්නා ඡායාරූප ක්ෂණිකව බෙදාගත හැකි සමාජ ජාලයන්ද කරලියට පැමිණීමත් සමගින් ස්මාට්ෆෝන් ඡායාරූපකරණය නව මගක් ගන්නා ලදී. ඒ සමගින්ම එසේ ගන්නා ඡායාරූපයන් ස්මාට්ෆෝනය හරහාම එසැණින් සංස්කරණය කිරීමට සහ විවිධ ෆිල්ටරයන් එක් කිරීමටද හැකියාවෙන් සන්නද්ධ කෙරිණි.
මේ හා සමගාමීව ඉදිරිපස කැමරාවද වඩ වඩාත් දියුණු වන්නට පටන් ගත්තේ 'සෙල්ෆි' ඡායාරූප ගැනීම යනු නව ලෝකයේ උන්මාදයක් බවටත්, එතැනින් සමාජ ජීවිතයේ කොටසක් බවටත් පත්වීම සමගිනි. අද වනවිට ස්මාට්ෆෝනයේ ඉදිරිපස කැමරාවේ ප්‍රධානතම කර්තව්‍ය වී ඇත්තේ එයයි. සාමාන්‍යයෙන් අතීතයේදී පසුපස ප්‍රධාන කැමරාවට වඩා අඩු හැකියාවන්ගෙන් සහ අඩු ගුණාත්මක මට්ටමකින් ඉදිරිපස ද්විතීයික කැමරාව තබා තිබුණත්, අද වනවිට මෙම කැමරා ද්විත්වයම සමාන ගුණාත්මක මට්ටමකින් සහ හැකියාවන් හා විශේෂාංග එකතුවකින් යුතු වේ.
කෙසේ වුවත් අනාගතයේදී මෙම පරිණාමය අතරතුරදී සෙල්ෆි කැමරාව හෙවත් ඉදිරිපස කැමරාව තාක්ෂණික හැකියාවන් සහ ප්‍රමුඛත්වය අතින් පසුපස කැමරාව ඉක්ම යනු නැතිද? එය සිදුවිමේ ඉහළ ඉඩක් ඇති බව හඳුන්වා දීමට නියමිත Oppo F7 "Selfie Expert" වැනි ස්මාට්ෆෝනයන්ගෙන් දැනටමත් අනාවැකි පළවෙමින් තිබේ.
2000 Sharp J-SH04 (0.11MP)
මුල්ම කැමරා දුරකථනය වන මෙය සීමිත ප්‍රමාණයක් ජපානය සඳහා නිකුත් කළේය.
2003 Sanyo SCP-5300 (0.3MP)
එම කාලයේදී ඇ.ඩො.400ක් පමණ වූ මෙම දුරකථනය 2002 නොවැම්බර් මාසයේදී හඳුන්වා දුන්නේය. Basic flash, White balance control, Self-timer, Digital zoom හා විවිධ filter effects මෙහි දක්නට ලැබුණි.
2004 Audiovox PM8920 (1.3MP)
මුද්‍රණය කිරීම සඳහා ගුණාත්මක ඡායාරූප ගත හැකි විය. multi-shot (eight quick photos) පහසුකම්න්ද යුක්ත විය.
2005 Nokia N90 (2MP)
මුල්ම 2MP කැමරාව මෙයයි. Carl Zeiss optics සහිත කැමරාවකින් යුක්ත වූ අතර autofocus, LED flash හා Video-calling විශේෂාංගවලින් සමන්විත විය. තිරය හැරවීමේ හැකියාව නිසා camcorder උපාංගයක අත්දැකීමද ලබාගත හැකි විය.
2006 Sony Ericsson K800i (3 MP / VGA)
Auto-focus, image stabilization හා Xenon flash
2007 Nokia N95 (5MP/ QVGA)
2007 Samsung i8510 (5MP/ Videocall camera)
මෙය INNOV8 ලෙසද හැඳින්විය. autofocus, LED flash, Geo-tagging, face, smile and blink detection, WDR වැනි විශේෂාංගවලින් යුක්ත විය.
2009 Samsung M8910 Pixon12 (12MP/ Videocall camera)
28mm lens, Touch focus හා WDR
Samsung B710 3D
සැම්සුන්ග් සමාගම විසින් නිපදවූ Samsung B710 දුරකථනය 3D කැමරා සහිත දුරකථනයක් විය.
2010 Sony Ericsson S006 (16.2MP)
4928 x 3264 Pixels විභේදනයක් සහිත CMOS කැමරාවකින් සමන්විත වෙයි.
2011 HTC EVO 3D (5 MP/1.3 MP)
5 MP, autofocus, dual-LED flash, Stereoscopic photos (2 MP only) තවද මෙහි HDMI හරහා 3D Output එකක් ලබාදීමේ හැකියාවද මෙහි පැවැතිණි.
2012 Nokia 808 (41 MP/ VGA)
2017 Vivo V5 Plus (16MP/ Dual 20MP+8 MP)
සුපුන් සම්පත්/ පැතුම් පුංචිහේවා