ඇපල් සමාගමේ නවතම තාක්ෂණික උපාංග පසුගියදා ඔවුන් හදුන්වා දුන්නේය.
සිය වාර්ෂික නිෂ්පාදන දියත් කිරීමේ දී නව අයිෆෝන්, ඇපල් ඔරලෝසු සහ අයිපෑඩ් මෙන්ම ඇපල් ටීවී + සහ ඇපල් ආකේඩ් මෙහිදී එළිදක්වන ලදී.
සමාගමේ නවතම අයිෆෝන් 11 pro සහ අයිෆෝන් 11 pro max - වෙත ත්රිත්ව කැමරා එක්කොට තිබේ.
මෙම කැමරා ත්රිත්වය ටෙලිෆොටෝ කැමරාවක්, පුළුල් කැමරාවක් සහ අතිශය පුළුල් කැමරාවකින් සමන්විතය.



