ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වෙන ට්විටර් මාධ්‍ය ජාලයේ සලකුණ ලෙස භාවිත කළ නිල් පැහැති කුරුල්ලා සලකුණ වෙනුවට සමාජ මාධ්‍ය තුළ භාවිත කරන සුනඛයෙකුගේ (Doge Meme) රූපයක් යෙදීමට එලෝන් මස්ක් කටයුතු කර තිබේ.
මෙම ට්විටර් සමාජ මාධ්‍ය ජාලය එලෝන් මස්ක් විසින් මිලදී ගත් අතර ඉන් අනතුරුව ඔහු එයට විවිධ වෙනස්කම් කරමින් පවතී. එහි එක් අදියරක් ලෙස මෙසේ නිල් පැහැති කුරුල්ලාගේ සලකුණ වෙනස් කිරීමට ඔහු කටයුතු කර තිබේ.


