කොරොන වයිරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන 1 ක දායකත්වයක් ලබාදෙන බව ට්විටර් සහ Square ගෙවීම් යෙදුමේ නිර්මාතෘ ජැක් ඩෝර්සි පවසයි.
ඩෝර්සි පවසන්නේ මෙම පරිත්‍යාගය ඔහුගේ ධනයෙන් 28% ක් පමණ නියෝජනය කරන බවයි.
මෙම මුදල් යොදවන්නේ කුමන කටයුතු වෙනුවෙන්දැයි ඔහු නිශ්චිතවම සඳහන් කර නොමැත. 43 හැවිරිදි ඔහු ට්විටර් සහ Squareහි ප්‍රධාන විධායකයා වේ.
