තරග පරාජය වනවාට බිය වී ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (04දා) පැවති පළමු පන්දුවාර විස්සයි20 තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී කුසල් තවදුරටත් පවසා සිටියේ, හැමදාම එකම සැලසුම් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, වෙනසක් කළ යුතු බවත්ය.
"මෙම තරගයේ අපේ මුල් පිතිකරුවන් සියලු දෙනාම එකම ආකාරයකට දැවී ගියේ. අපි ඒකට විකල්පයක් හොයාගන්න ඕන. තෝමස් (කොදෙව්වන්ගේ සාර්ථකම පන්දු යවන්නා) කියන්නේ වේගවත්, ඒ වගේම බවුන්සර් පන්දු යවන්නෙක්. එයා කඩුලු (5/28) ගත්තෙත් ඒ විදියට. එම නිසා එම අඩුපාඩුව හදාගෙන පිතිකරුවන් ක්‍රීඩා කරන්න ඕන. එයා කඩුලු පහක් ගත්තා කියලා නැහැ, මොකද ඊළඟ තරයේදී අපි එයාට අභියෝග කරන්න ඕන. විස්සයි20 කියන්නේ පිතිකරුවන්ගේ තරගයක්" .
VIDEO