ක්රිකට් නිලවරණය ආණ්ඩුව දේශපාලනීකරණය කර තිබෙන බවත්, කුමන ක්රියා සිදුකළත් ආණ්ඩුව සහයෝගය දක්වන කණ්ඩායමට ජයග්රහණය අත් නොවන බවත් ක්රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
නිලවරණය මේ මස 21 වැනිදා පැවැත්වෙන බවත්, එයට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
එම කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමකට තමා සහයෝගය දක්වන බවත්, එම කණ්ඩායම ජයග්රහණය කරන බවට තමන් හට විශ්වාසය ඇති බවත් තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.