ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (එල්පීඑල්) මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී කමිටුවක් පත් කරන බවත් එම කමිටුවෙන් එල්පීඑල් තරගාවලිය සංවිධානය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉදිරි සතිය තුලදී නම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගනු ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ ලේකම් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ කමිටු සාමාජික නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා එක්ව සිටියහ.