නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේදී ශ්‍රී ලංකා ප්‍රභල තරුණ ක්රිඩකයෙකුට තරග පාවාදීමක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් හා ඔහුගේ මිත්‍රයෙක් යෝජනාවක් කර තිබුණ බව ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.
ස්වර්ණවාහිනියේ 'යෝකර්' වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී අදාළ ක්‍රීඩකයාට හිට් විකට් ආකාරයෙන් දැවී යන ලෙස යෝජනා කර තිබුණ බවත් එම ක්‍රීඩකයා විසින්ම ඒ පිළිබඳ තොරතුරු තම එකකයට ලබාදුන් බවත් ජගත් ෆොන්සේකා මහතා පවසා සිටියේය.
"ඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රභල තරුණ පිතිකරුවෙකුට තරග පාවාදීමක් සඳහා යෝජනා කර තිබුණා. ඔහුට යෝජනා කර තිබුණේ හිට් විකට් එකකින් දැවී යන ලෙස. ඒ සඳහා විශාල මුදලක් ලබාදිය හැකි බවට ඔහුට දන්වලා තිබුණා.
ඒ යෝජනාව කර තිබුණේ දැනට ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් හා ඔහුගේ මිතුරෙක්. එම අවස්ථාවේදීම එම ක්‍රීඩකයා ඒ පිළිබඳව අපිව දැනුවත් කළා.
අපි ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරලා ප්‍රකාශ සටහන් කරලා එම උදෘත නීතිපති වෙත යොමුකර තියෙන්නේ. ක්‍රීඩකයාම ඇවිත් තමයි මේ ගැන දැනුවත් කළේ ඇත්ත වශයෙන්ම ඔහු හොඳ ක්‍රීඩකයෙක් ආදර්ශමත් ක්‍රීඩකයෙක්. "