මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරගවලට අදාළ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.
දින 27ක් තුළ දී තරග 31ක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇති අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී යි.
තරගාවලියේ ඉතිරි තරග ආරම්භ කරමින් පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 30 වන තරගය සැප්තැම්බර් 19 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව තිබේ.
ඩුබායිහී දී තරග 13ක් ද, සාජා හී දී තරග 10 ක් ද අබුඩාබි හී දී තරග 8ක් ද පැවැත්වීමට නියමිතයි.
අවසන් වටයේ පළමු තරගය ඩුබායිහී දී ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන අතර, අවසන් වටයේ දෙවැනි හා තෙවැනි තරග ඔක්තෝබර් 11 වැනිදා හා 13 වැනිදා සාජාහී දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.