ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2023-27 සඳහා වන අනාගත තරගාවලි ප්‍රකාශයට පත්කර තිබේ.ලබන වසරේදී ඉන්දියාවේදි පැවැත්විමට නියමිත ලෝක කුසලාන තරගාවලියත් සමගින් මෙම අනාගත තරගාවලි ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදි ප්‍රධාන තරගාවලි පහක් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අනුව 2026 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දැරීමට නියමිතය.
ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව 2011 පන්දුවාර 50 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දැරීය.
2023-2027 අනාගත තරගාවලි සැලසුම අනුව අයි.සී.සී. ප්‍රධාන සාමාජිකත්වය දරන රටවල් 12 අතර ජාත්‍යන්තර තරඟ 777 ක් ක්‍රීඩා කිරිමට නියමිතය. ටෙස්ට් තරඟ 173 ක්, එක්දින තරඟ 281 ක් සහ T20 තරඟ 323 ක් මේ අනුව පැවැත්වීමට නියමිතය.
මෙම කාලසීමාව තුළ එක්දින ලෝක කුසලානයක්, ශූරයන්ගේ කුසාලන තරගාවලියක් විස්ස20 ලෝක කුසලාන තරගාවලි දෙකක් මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියද පැවැත්වෙයි.
බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදය 2024 දී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරන අතර 2025 දී ශූරයන්ගේ කුසලානයට පාකිස්තානය සත්කාරකත්වය දරයි.
2026 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය සම සත්කාරකත්වය දරන අතර 2027 දී දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය දරයි.