2024 වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇමෙරිකා එක්සන් ජනපදය හා බ.ඉ. කොදෙව් දූපත් සත්කාරකත්වය ලබාදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (31දා) නිවේදනය කළේය.
විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ පැවැත්වෙන දැවැන්තම ලෝක කුසලානය මෙය වන අතර, මේ සඳහා රටවල් 20ක් සහභාගිවීමට නියමිතව ඇත.
මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 08, සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව්යන කණ්ඩායම් මේ සඳහා ඍජුවම සුදුසුකම් ලබාගනියි. මෙම කණ්ඩායම්වලට අමතරව මෙම වසරේ නොවැම්බර් මස 14වැනිදා වනවිට විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින තවත් කණ්ඩායම් දෙකකට 2024 ලෝක කුසලානයට දොරටු විවර වේ.
ඒ අනුව ඉතිරිකණ්ඩායම් 08 කලාපීය සුදුසුකම් ලැබීමේ තරග ජයගෙන තරගාවලියට පැමිණිය යුතු වෙයි. 2024 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරග ඉසව් මෙම මාසයේ යුරෝපානු කලාපයෙන් ආරම්භ වේ.