2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එවක නායක මෙන්ම අවසන් මහ තරගය මෙහෙයවූ කුමාර් සංගක්කාරද එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිත් කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් සංගක්කාර සඳහන් කරන්නේ අදාළ සාක්ෂි හිටපු අමාත්‍යවරය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී හා අරක්ෂක ඒකකයට යොමු කළ යුතු බවයි.
ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
එසේම අවසන් මහ තරගයට ක්‍රීඩා කළ තිලාන් සමරවීරද මෙහිදී සිය අදහස් දක්වමින් සඳහන් කරන්නේ එවකට ක්‍රීඩාව භාර හිටපු ප්‍රධානම පුද්ගලයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ පිළිබඳව අයි.සී.සී. පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.