2021 විස්සයි 20 ලෝක කුසලානය සංචිතයට අතුලත්ව සිට ආබාදයට ලක්ව ඇති ලහිරු මධුසංඛ වෙනුවට ශ්රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට මිනෝද් භානුක කැඳවා තිබෙන බවට වාර්තා වෙයි.
පැතුම් නිශ්ශංක , අශේන් බණ්ඩාර , රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සඳකැන් යන ක්රීඩකයින් ද ඕමාන හා ශ්රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට තෝරා ගත් සංචිතයේ ක්රීඩකයින්ට අමතරව රැගෙන යෑමට දැනට තීරණය වී තිබෙන බවටද වාර්තා වෙයි.