ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී. 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරිමට ගත් තිරණයද මෙම තරගාවලිය ශ්‍රි ලංකාවෙන් ඉවත් කිරිමට හේතුවක් බවට පත්ව තිබේ.