අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්කර ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දියාව මෙවර ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ශූරතාව හිමිකර ගත්තේ අට වැනි අවස්ථාවටය.
අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 38කට සීමාවිය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 38කට සීමා වූ අතර ශ්රී ලංකාව කඩුලු 9ට ලකුණු 106ක් රැස්කළේය.
ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 32කදී ලකුණු 102ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් පන්දුවාර 21.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 104ක් රැස්කරමින් තරගය ජයග්රහණය කළේය.