කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි වරටත් පැවැත්වෙන ‘නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී) ක්‍රීඩාංගණයේදී අද (12දා) ආරම්භ විය. තෙදිනක් පුරා පැවැත්වෙන මෙය අනිද්දා (14දා) අවසන් වේ.
දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගය 1879 වර්ෂයේදී ආරම්භ වූ අතර, ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ නොනවත්වා පවත්වනු ලබන දෙවැනි දීර්ඝතම තරගය මෙයයි. පාසල් දෙකම තම වර්ණ ලෙස නිල් පැහැය යොදා ගන්නා හෙයින් ‘නිල් මහ සටන’ යන අන්වර්ථ නාමය පටබැඳී ඇත.
මෙවර තරගාවලියට පළමු කාණ්ඩයෙන් (Division 1) ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූ රාජකීය විදුහල එහිදී තරග 15කට සහභාගි වී පූර්ණ තරග ජයග්‍රහණ 04ක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ 02ක් හිමිකර ගැනීමට සමත්ව ඇත. කෙසේ වෙතත් ඔවුන්ට නොදෙවනි දස්කම් දක්වන ප්‍රතිවාදී ශා. තෝමස් කණ්ඩායම මෙවර තරගවාරයේදී පළමු කාණ්ඩයෙන් (Division 1) ක්‍රීඩා කරමින් තරග 17කදී පූර්ණ ජයග්‍රහණ 04ක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ 02ක් හිමි කර ගැනීමට සමත්ව ඇත.
‘අපේ කණ්ඩායම සමබරයි’
තෙවිඳු සේනාරත්න - නායක රාජකීය විදුහල් කණ්ඩායම
අපිට සමබර හා අත්දැකීම් සහිත කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපි ජයග්‍රහණය අධිෂ්ඨානය කරගෙන ඉන්නවා. ශා. තෝමස් විද්‍යාලයත් හොඳයි. නමුත් අපි ඔවුන්ට හොඳ තරගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
‘අපි ඉන්නේ ජයග්‍රහණ මානසිකත්වයෙන්’
තෙවීන් ඊරියගම - කණ්ඩායම් නායක
අපි කණ්ඩායමක් වශයෙන් හොඳටම සෙල්ලම් කරල තියෙනවා. ඒ වගේම මහා ක්‍රිකට් තරගයට පසුගිය මාස හතක පමණ කාලය අපි පුහුණුවීම් සිදුකරලා තිබෙනවා. ඒ නිසා අපි හොඳ මානසික මට්ටමක ඉන්නවා. කණ්ඩායමේ හොඳ වේග පන්දු බලඇණියක් ඉන්නවා. රාජකීය විදුහලෙත් හොඳ කණ්ඩායමක් වුවත්, අපි ඉන්නේ ජයග්‍රහණ මානසිකත්වයෙන්.