ලොව ජනප්රියතම පාපන්දු තරගාවලියක් වන 'ලා ලීගා' පාපන්දු තරගාවලිය ජුනි මස 12 වැනි දින වනවිට නැවත අරඹන බවට එහි සභාපති හාවියර් ටෙබාස් සහතිකයක් ලබාදී තිබේ.
හාවියර් ටෙබාස් බලාපොරොත්තු වනුයේ ජුනි 12 වැනිදා වනවිට ස්පාඤ්ඤයේ ගුවන් ගමන් නැවත ආරම්භ වනු ඇති බවත්, ඒ අනුව අදාළ තරගාවලිය ආරම්භ කිරීමට වැඩි ඉඩක් පවතින බවත්ය.
“ මම කැමතියි එය නැවත ආරම්භ කරන දිනය ජුනි 12 වනවා නම්. නමුත් අපි පරිස්සම් විය යුතුයි, මේ වනවිට කෝවිඩ් - 19 ආසාදනවල ඉහළ යෑමක් තියෙනවා. එහෙත් එය පාපන්දු මත රඳා නොපවතින නමුත්, සමාජය වැනි සාධක මත රඳා පවතිනවා. ස්පාඤ්ඤයේ ජාතික තරග ජූලි 31 වන විට අවසන් කළ යුතුයි. යුරෝපීය තරග අගෝස්තු මාසයේදී අවසන් කළ යුතුයි. ඒනිසා හැකි ඉක්මනින් සෑම දිනකම පාපන්දු තරග පැවැත්විය යුතුයි” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටෙබාස් වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර ‘බාසිලෝනා’ ඇතුළු ක්රීඩා සමාජ කිහිපයක් ‘ලා ලීගා’ තරගාවලිය සඳහා පසුගිය සතියේ සිය පුහුණුවීම් ආරම්භ කළේය.