ලෝක ශූර ඉන්දිය කණ්ඩායම ලකුණු 13කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනිමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 115/9 සීමා කිරිමට ඉන්දිය පන්දු යවන්නෝ සමත්වුහ. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කර හැකි වූයේ ලකුණු 102ක් පමණි.
නායක ශුබ්මන් ගිල් ලකුණු 31ක් රැස්කළ අතර එය ඉන්දිය කණ්ඩායමේ වාර්තා වූ ඉහළම ලකුනු සංඛ්‍යාව වෙයි. ඉන්දී්‍ය කණ්ඩායමක් සිම්බාබ්වේ කණ්ඩායමක් හමුවේ දැවී ගිය අවම ලකුණු ප්‍රමාණය මෙය වෙයි.
මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව සිය දෙවැනි පෙළ කණ්ඩායමක් යොමුකර තිබේ. එසේම විරාත් කෝලි හා රෝහිත් ශර්මා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඉන්දිය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු විස්සයි20 තරගයද මෙය වෙයි.
පන්දු 19කදී ලකුණු 17ක් හා ලකුණු 25ට කඩුලු 3ක් දවා ගත් සිම්බාබ්වේ ක්‍රිඩක සිකන්දර් රාසා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.