ලෝක හොකී ක්‍රීඩාවේ මහා මංගල්ල්‍යය ලෙසින් සැලකෙන හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට (13දා) ඉන්දියාවේදී ආරම්භ වේ.
ලොව පුරාම නියේාජනය කරමින් කණ්ඩායම් 16 ක් සහභාගි වන මෙම තරගාවලිය ඒළඹෙන 29 වැනිදා දක්වා ඉන්දියාවේ රවුකේරල , බිස්රා මුන්ද්‍රා හා බුබනේෂ්වර් යන හොකී ක්‍රීඩාංගණ වල පැවැත්වේ.
මෙවර තරගාවලියේ සත්කාරකත්වය ඔඩීෂා ප්‍රාන්තය විසින් ලබාගෙන ඇත්තේ අඛණ්ඩය දෙවැනි වරට වීම විශේෂත්වයකි. මීට පෙර 2018 වර්ෂයේදීද හොකී ලෝක කුසලානය පැවැත්වූයේ ඉන්දිාවේදීය. එහි ශූරතාව බෙල්ජියම විසින් හිමිකර ගත්තේ අවසන්මහා තරගයේදී ප්‍රභල නෙදර්ලන්තය දඩුවම් පහර 3-2 ක් ලෙසින් පරාජයට පත් කරමිනි.
1971 වර්ෂයේදි ආරම්භ වු හොකී ලෝක කුසලානයේ වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනාගෙන ඇත්තේ පාකිස්ථානයයි.