'කෝවිඩ්-19' වසංගතය හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ ෆෝමියුලා වන් තරගාවලි 03ක් වන සිංගප්පූරු, අසර්බයිජාන සහ ජපන් ගෝන් ප්‍රී තරගාවලි අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමහර රටවල 'කෝවිඩ්-19' වසංගතයේ දෙවන රැල්ලක් මතුවීමත්, බොහෝ රටවල සංචරණ සීමා තවමත් ලිහිල් කර නොමැති වීමත්ය. සිංගප්පූරුවේ සහ අසර්බයිජානයේ වීදි ධාවනපථ ඉදිකිරීම සඳහා අවශ්‍ය වූ කාලය අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් දක්වා දීර්ඝ වීම හේතුවෙන් මෙම සත්කාරකත්වය සැපයීමට නොහැකි වී ඇති බව ෆෝමියුලා වන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
කෙසේ වෙතත් ජපාන ගෝන් ප්‍රී තරගාවලිය අවලංගු කර ඇත්තේ ජපානයේ අඛණ්ඩව පවතින විදෙස් ගමන් සීමා කිරීම් හේතුවෙනි. මීට පෙර ඔස්ට්‍රේලියා, මොනාකෝ, ප්‍රංශය සහ නෙදර්ලන්තය යන රටවල ගෝන් ප්‍රී තරගාවලි අවලංගු කර තිබිණි.