සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් සියයට 50ක පිරිසකට අවස්ථාව හිමිවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කෙසේ වෙතත් නරඹන්නනට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඔවුන් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු බවද ක්‍රිකට් ආයතනය පවසයි. එසේම දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන අවම වශයෙන් දින 14ක් ගතව තිබිය යුතු බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එන්නත්කරණය කළ බවට තහවුරු කිරීම සඳහා එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසයි.