සුමිට් ගාඩ්ගොයෙන්කාර්ගේ විශිෂ්ට පිතිහරඹයත්, කමිඳු මෙන්ඩිස් හා ෂෙහාන් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ මෙවර අන්තර් සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්රිකට් ශුරතාව මෙවර හිමි කරගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත් විය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මගින් සංවිධානය කළ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (31දා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්විණි. එහිදී මේරියන්ස් හමුවේ එන්. සී. සී. ක්රීඩා සමාජය ලකුණු 91ක පාරාජයක් ලැබීය. හලාවත මේරියන්ස් කණ්ඩායම මෙම ශූරතාව දිනා ගත්තේ තෙවැනි වතාවටයි.
තරගයේ කාසියේ වාසිය දිනූ එන්. සී. සී ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් මේරියන්ස් ක්රීඩකයෝ, සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 295ක් රැස් කළහ. මේරියන්ස් ඉනිමට අගනා ආරම්භයක් ලබා දුන් සුමිට් ගාඩ්ගොයෙන්කාර් පන්දු 77කදී ලකුණු 79ක් ඉනිමට එක් කළේය.
ඊට අමතරව රුමේෂ් බුද්ධික නොදැවී ලකුණු 60ක් රැස් කළේය. මේරියන්ස් ඉනිම වේගවත් අවසානයක් කරා රැගෙන ගිය තික්ෂිල ද සිල්වා පන්දු 36කදී ලකුණු 47ක් රැස් කළේය. චාමිත ගුණසේකර එන්. සී. සී වෙනුවෙන් කඩුලු දෙකක් දවාලීය.
ඒ අනුව ලකුණු 296ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය එන්. සී. සී. ඉනිම පන්දුවාර 43.3කදී ලකුණු 204කට සීමා කිරීමට මේරියන්ස් ක්රීඩකයෝ සමත් වූහ. ළහිරු උදාර හා පැතුම් නිශ්ශංක විසින් එන්. සී. සී කණ්ඩායම වේගවත් ආරම්භයක් කරා රැගෙන ගියද අනෙක් පිතිකරුවන්ට එය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම එන්. සී. සී පරාජයට හේතුවක් විය. එහිදී ළහිරු උදාර ලකුණු 50ක් හා පැතුම් නිශ්ශංක ලකුණු 38ක් බැගින් රැස් කළහ.
එන්. සී. සී. ඉනිම විනාශ කළ ෂෙහාන් ජයසූරිය හා කමිඳු මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිඳ හෙළීය.
තරගාවලියේ අවසන් පූර්ව වටයේදී හලාවත මේරියන්ස් හමුවේ ප්රබල එස්.එස්.සී කණ්ඩායම පරාජයට පත්වීම විශේෂත්වයකි. අවසන් තරගයේදී පිත්තෙන් හා පන්දුවෙන් යන අංශ ද්විත්වයෙන්ම දස්කම් පෑ කමිඳු මෙන්ඩිස් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
හලාවත මේරියන්ස් 275/8 (පන්දුවාර 50)
සුමිට් ගාඩ්ගොයෙන්කාර් 79 (77, 4x14), රුමේෂ් බුද්ධික 60 (71, 4x6), තික්ෂිල ද සිල්වා 47 (36, 4x3, 6x3), චාමික ගුණසේකර 2/67 (පන්දුවාර 8), සහන් ආරච්චිගේ 1/32 (පන්දුවාර 8)
එන්.සී.සී. 204/10 (පන්දුවාර 43.3)
ළහිරු උදාර 50 (36, 4x9, 6x1), පැතුම් නිශ්ශංක 38 (65, 4x3), චාමික කරුණාරත්න 32 (29, 4x1, 6x4), කමිඳු මෙන්ඩිස් 3/32 (7.3), 3/38 (පන්දුවාර 6)