ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
අබුඩාබිහිදී 2017 වසරේ පැවැති ටී10 ක්‍රිකට් තරගාවලියේදී සිදුවූයේ යැයි කියන මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවන් සොයිසා 2018 ඔක්තේබර් මස 31 වැනිදා සිට තාවකාලික තහනමකට ලක්ව සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු මෙම ටී 10 තරගාවලියට සහභාගි විය.
තහනමත් සමගින් සොයිසාට වසර හයක් තුළ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු කාර්යයකට සහභාගි විය නොහැක.
වමතින් වේග පන්දු යවන 42 හැවිරිදි නුවන් සොයිසා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 30 කදී කඩුලූ 64 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 95 කදී කඩුලූ 108 ක් දවාගැනීමට සමත්ව තිබේ.